සංදේශ කාව්‍යයන් හි සිංහල නාට්‍ය හා නැටුම් ගැන ඇති වර්ණනා . . . !!!
පළ කලේ තුන්පත් රටා හරියට ම 1:39 AMJul 2, 2010
ඉතා ඈත රාවණාකාල අතීතයේ සිට පැවත එන ලාංකේය කලාවට බෞද්ධාගමේ අභාෂය නිසාවෙන් එක්තරා මට්ටමකට සීමා මායිම් වටුනු බවට සමහර අය අතර කතිකා තිබෙනවා.
"නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනාඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමී" යන සිල්පදය මුල් කරගෙන මේ කතිකා ගොඩ නැගී ඇති බවක් අනුමානය කල හැකියි.
කෙසේ නමුත් ඒ මති මතාන්තර බිඳ දමන්න තරම් ප්‍රභල කාරනා ඒ කාලයේ හිටපු පඬිවරු විසින්ම ඉදිරිපත් කර තිබෙනවා.
ඒ කතිකා, මති මතාන්තර හා කරනා පසු ලිපියකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන්, අද ලිපියෙන් හා ඉදිරි ලිපි කීපයකින් විශේෂයෙන් මේ මාතෘකාවෙන් අතීතයේ සංදේශ කාව්‍යන් හි සිංහල නාට්‍යය ගැන සඳහන්ව ඇති ආකාරය ගැන ලිපි මාලාවක් ලියා තැබිය යුතුයි කියා සිතුනා.
ගම්පල යුගයේදී ගුරුළුගෝමීන්ගේ මුනුපුරෙකු වූ කවීෂ්වර විසින් රචනා කරන ලද "මයුර සංදේශය" කාව්‍යයේ කැළනියෙහි විභීෂණ දෙව් මැදුරෙහි හා දිවිනුවර උපුල්වන් දෙවි මදුරෙහි රඟපාන ලද නැටුම් විස්තර අඩංගුව ඇත . . .
එහි කැළණියේ නැටුම් ගැන ඇත්තේ එක් පද්‍යයක් පමනක් බැව් මා මේ ලිපි සඳහා ඇසුරු කර ගන්නා ජේ. ඊ. සේදරමන් මහතා ගේ "උඩරට නැටුම් කලාව" පොතේ "උඩරට නාට්‍ය කලාවේ ප්‍රභවය හා සංවර්ධනය" නම් කොටසේ දක්වා ඇත.
නො ල ගී ලොබින් බලමින් එපුරෙහි වෙසෙස
අ න ගී නළඟනන් සහ රජගෙට පිවිස
ක ළ ගී රැඟුම් පුද අනතුරුව එවි ගස
ය ස ගී කෙකාසන් කැරැ සබ මැදට බැස
දෙවිනුවර නැටුම් පිලිබඳව අර්ථය උද්දීප්තිමත් කරවන සිංහල විරිත් හා ශබ්දාලංකාර මැනවින් යොදා ලියවුනු චමත්කාරජනක වර්ණනා වලින් හෙබි පද්‍ය මලා කීපයක්ම ඇති බැව් ඒ පොතේ සඳහන්ව ඇත . . . !
නි ල ව කෙවිලි රන්ලිය වදලැ රැවු සමා
ලෙ ල ව කියන ලිය ලිය ගීයට කන් නමා
ලො ල ව මෙසවු රූ නොමැ දුටු විරු තමා
බ ල ව නළඹුවන් රඟ මඬලැ නෙත් යොමා
ර ත ක ම ලේ පෙති සිරි ඇති ඇඟි ලී
ලෙ ළ එ ක ලේ කල කරතලි නුදු ලී
ර ඟ ම ඬ ලේ ඉසි පුල් මල් ඇදි ලී
පැ හැ න' ව ලේ තුරු දිලි නුඹ තියෙ ලී
ස සො බා ලෙළ පද පද'නු වැ ම ත බා
නො ත බා රැවු දුන්සන් සල සල ඹා
න ර ඹා සුරඟන වන් රඟ නර ඹා
ඔ ල ඹා ලනු බැරි සිතු නොම කල ඹා
ර ළ ලා උපුලා ලෙළුම තුලායා
නෙ තු ලා බැමලා බමවා ලායා
ර ඟ ලා එකලා බැලුම සලායා
නෙ තැ ලා සිතැලා ඇද බැද ලායා
ලකළ රුවන් රන් බ න්දී
ලෙළෙන අතමැ සිතු බැ න්දී
කියුලිය ගී සුරු ස න්දී
අසන රිසියැ එම ක න්දී
යුග කො පු ලා බිතු උදු ලා
මිණි කො ඬො ලා කරැ සස ලා
එ ම න ක ලා රඟන ක ලා
ව තැ ම බ ලා රිසි තොස ලා
වයන්නන් පෙදෙයි ලා තබා ගී තම න්නේ
අඟින්නන් රඟන්නන් සුරන් යැයි සිතෙ න්නේ
මෙවන් රූ නුවන් වන් ලෙවන් කුම් කිය න්නේ
මලින් දුන්න ගත්තේ ද ගත්තේය උ න්නේ
කුහුල් වන් මියුල් දෙන් නෙතෙව් නෙත් බැලු ම්ලා
කමල් වන් වතුන් ගී මතින් රැවු නැගු ම්ලා
ළහෝ පත් නොපෑතුල් පතුල් පෑ ලෙලු ම්ලා
නිවායේ දනන් වන් නිවායේ රැඟු ම්ලා
ම ත් වැ ම න මත් සරින් ගී රස හිවා නෝ
අ ත් ත ල ට ග ත් ලෙසිනි විදුලිය සමා නෝ
ර ත් ප බ ල ප ත් අයුරු පත්ල බිමැ පා නෝ
ස ත් ස තු ටු ව ත් නොපටු සිත් වඩිති යෝ නෝ
දඟනක රඟ බසැ පැණ අත රායා
තනනා තන නම් රන් තිස රායා
විලසින් දැනුයෙන් දෙව් අස රායා
දුන් ගී මන මත් කරවන රායා
බැලුම් ඇලුම් කරණ ලො ලේ
කතක එරඟ රඟන ක ලේ
පැළඳි සවණ නිල් උපු ලේ
නෙතට පැරැදි සෙයින් සැ ලේ
පෑ තුනු පෑ තුනු සුර අඟන න්නේ
ලෝ වටනා රඟනා නළඹු න්නේ
සීලය රූ රසයින් නොතෑ ල න්නේ
වේතුට මේතුට මේ දුටුව න්නේ
සැ දු සදෙව් යස සිරි පිරි සුදු සුදු
මු දු කුළුණු සිසිලෙන් සිලි ලිඳු බඳු
මි දු ගිමන් වන්නව මේ රදු රුදු
ව දු සිරිඳු සඳ දිය සෙත යෙදූ උදු
ලිව්වේ: සුභාෂ්
පත පොත ඇසුර : ජේ. ඊ. සේදරමන් - උඩරට නැටුම් කලාව
Subscribe to:
Posts (Atom)