ළඳුන් ලියූ කුරුටු ගී

Dec 7, 2010

372797964_54e4c343ff_z


සිංහලෙන් බෝධිසත්වයා යන්නට ස්ත්‍රී ලිංග පදයක් නැත.. නමුත් මහායානයට අනුව ස්ත්‍රීලිංග බෝධිසත්වයන් සිටී. ආරම්භ කරන්නට යන කතිකාවතට ඉහත වැකිදෙක අදාල නොවුනත් අදාල විය හැකියි සිතා එම වදන් දෙකෙන් ආරම්භ කරමි. සීගිරිය කාශ්‍යප විසින් තනවා ඇතැයි කියනු ලැබේ. එහි සීගිරි චිත්‍ර ඇත. එහි කැටපත් පවුරක් ඇත. විශලේෂණය ඇරඹෙන්නේ එතැනින්ය. කැටපත් පවුරට ස්ත්‍රින් කවි ලියා නැතිද? පැනයක් ලෙස එය නැගුවහොත් එයට පිලිතුරු ලෙස මෙම ලිපිය ආරම්භ කරමි.
කැටපත් පවුරට ලියා ඇති කවි වලින් හඳුනාගෙන ඇති පරිදි ස්ත්‍රින් සත්දෙනෙකු කවි ලියා ඇත. ඔවුන් නම් වශයෙන් ගත් කල පහත පරිදි වේ.

  1. දේවා හෙවත් මහමත අඹු - 152 කවිය
  2. දයාල් බතී - 122 කවිය
  3. නාල් - 543 කවිය
  4. සෙත් බතී - 400 කවිය
  5. ණිදලු මිහිදී අඹු - 41 කවිය
  6. සෙවි කලී - 247 කවිය
  7. සෙලු අඹු - 681 කවිය

මහමත් අම්බු දෙවාමි,
මන මෙසි නැගි බෙයන්ද්හි ලොරැසි යොවනක් මැයි,
අති මුතු වැල ගත බැලුමැ සෙපත අපහය ගත.


මුව ඇස් ඇති සීගිරි රූමතියන් මා තුල කෝපය ඇතිකරවයි.
මුතු වැලක් අතින් ගත් ඈ ඒතරම් රූමත්ය,
ඇය අප හා රූපයට තරඟ වැදී ඇත.
(152 කවිය - දේවා හෙවත් මහමත අඹු )


මහනෙලබර වරල ගෙල හුණු පිහිරල රසන්,
ඇදිනි තමා මෙබැලුම වෙනක වී අප නුයුනග තා.


මහනෙල් මලින් ගැවසුන ඔබේ වරලස ද
ඔබේ ඇස්කොන් බැල්මද අප හා තරඟ කරයි..
(41 කවිය - ණිදලු මිහිදඹු)


පරණවිතානයන් කියනා අන්දමට එකල ලියන්ද බොහෝවිට සිය ස්වාමියාගේ නම භාවිතා කර ඇත. මෙය බොහෝ වංශවත් පවුල්වල සිදුවී ඇත. ඒ අනුව දේවා හෙවත් මහමත අඹු යන්න මහමත නම් පුද්ගලයාගේ අඹු වූ දේවා ඉහත පලමු කවිය ලියා ඇතැයි සැක පහල කල හැක. එසේම ණිදලු අඹු, සෙලු අඹු යනු විවාහක කාන්තාවන් බවත් අන් කාන්තාවන් අවිවාහක විය හැකි බවටද උපකල්නයකට එලඹිය හැක. වැදගත් වන්නේ මෙයය එනම් එකල කාන්තාවෝද කැටපත් පවුරේ කවිලියා ඇති බවය.

ලියා එව්වේ – ආගන්තුකයා | Stranger විසින්.

7 ක් ප්‍රතිචාර දක්වා ඇත.:

malee_msg said...

ඒ කියන්නේ අතීතයේ ඉදන්ම අපේ කාන්තාවන් පුරුෂයන් හා සමානව දැනුමෙන් හා අධ්‍යාපනයෙන් කරට කර හිටපු බවයි.. ඒක ඇත්තටම රටක වැසියන් හැටියට අ‍පේ අතීතය ගැන අපිට සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් නැද්ද?

අසුරයා said...

කුරුටු ගිත ගැන දන්නෙ නෑ. පරණවිතානයගෙ කෙප්ප දන්නෙත් නෑ. ඒ වුනාට පත්තිනි අම්මා කියන්නෙ මතු බුදු වන බෝධිසත්වයෙක් යැයි අසා තිබේ. පත්තිනි අම්මා මහායනයේවත් ථෙරවාදයේ වත් නොමැත. මම හරිද?

ආගන්තුකයා | Stranger said...

පරණවිතානගේ කෙප්පත් ඇත.. ඒ කෙප්ප මම හදාරා නැති නිසා මමද පරණවිතානගේ කෙප්ප නොදනී.. පත්තිනි අම්මා යනු හින්දු ඇදහීමකි.. අනුරාධපුර පොලොන්නරු යුගවල සිදුවූ ඉන්දියානු ආක්‍රමණ නිසා සංස්කෘතීන් දෙක මිශ්‍ර වීම නිසා පත්තිනි අම්මාවත් බුද්ධ ධර්මයත් පැටලී ඇත. එහි වරදක්ද නැත.. පත්තිනි ඇදහීම හින්දු ඇදහීම.ක් නිසා බුද්ධ ධර්මයේ නැත.. පත්තිනි අම්මා මතු බුදුවන බෝධිසත්වයෙක් යැයි විශ්වාසයක් ඇත.. ඒ අතින් ගත් කල අසුරයා නිවැරදිය...

නෙරංජි සුලක්ඛනා said...

හොඳ බ්ලොග් එකක් ....මට කියවද්දි හම්බුණේ...අද මම හැම බ්ලොග් එකක්ම කියවනව......එස් බී යූ සින්ඩියෙ තිබෙන....

දුකා said...

මම හිතන්නේ අපේ සමාජය කොහොමත් ඉස්සර කාලේ ඉඳන් මාතෘ මූලික . .. කාන්තා මූලික.

එක ගෙයි කෑම වගේ නීති ඒවායින් ඉතුරු වුනු ඒවා කියලත් හිතෙනවා.

ඉන්දියාවෙන් ආපු පත්තිනි වන්දනාව වගේ දේවල් අපේ සමාජයේ ඉක්මනට මුල් අදින්න ඒකත් හේතුවක් වුනා වෙන්න ඇති නේද?

එහෙව් අපේ අතීත කාන්තාවෝ කලා කටයුතු වල නියැලුනු වගට සාක්ශි සපයන බැව් සටහන් කල මේ ලිපියට බොහෝම ස්තූතියි මළේ.

udaya.jayawardhana said...

හරිම අගනා සටහනක්. ඔබට තුති....!

කවුරුන්ද මා ඔබේ♫•*¨*•.¸¸♥ ¸¸. said...

හොඳ බ්ලොග් එකක් ....හරිම අගනා සටහනක්. මට හම්බුණේ... ඔබට තුති....!

Post a Comment