බමර ගී

Mar 23, 2010

SRI-VED-SE-18_medium



විජයාවතරණයටත් පෙර පටන් සිරිලක බිම නිජබිම කොට ගත් අපේ ආදිතමයා වශයෙන් හැඳින්වෙන්නේ වැද්දා ය. දඹාන, බිංතැන්න, නිල්ගල වැනි වන ගහන වල ජීවත් වූ වැද්දා ට ම ආවේනික සංස්කෘතික ලක්ෂණ තිබේ. යකුන්, ගස්, ගල්, හිරු, සඳු ඇදහීය. ඒ වෙනුවෙන් පුද පූජා පැවැත්වීය. ඔවුහු නැටූහ. ගී ගැයූහ. වැදි පෙරහර ඒ සියල්ලෙන් ම සම්පූර්ණ විය. නිදසුනක් ලෙස කිරිකොරහ ශාන්තිකර්මයකි. කන්දේ යකා හා බිළිඳු යකා ඉන් පුද ලබති.


බමර කැපීමද වැදි ජීවන රටාවේ තවත් විශේෂ වූ අංගයකි. දසමස් කල් තබා ගැනීමට පැණි අවශ්‍ය විය. ඒ සඳහා මී වද බමර සොයමින්, ගල් රුප්පා, රූස්ස ගස් සරා මහා වනය පීරති. "නොදියුණු" නූගත් යන වදන විශේෂණය කොටගත්තත් වැද්දෝ අපට වඩා නුවනැත්තෝ ය. ඔවුන් නිවහල් ය, නිදහස් ය. සතුටින් සාමයෙන් කාලය ගෙවන්නෝය. ඒවන් ජනසමාජය ක නැටුම්, ගැයුම් වැනි කලා රසාංග මතුවන්නේ නිතැතිනි.


"මලී ගී" නමින් ද හැඳින් වෙන බමර ගී පිළිඹඳ කතාව අවස්ථා කිහිපය කි. කඳු, හෙල්, පල්ලම් තරණය කර රූස්ස ගස් නගින හැටි, ගල් නලලත ට පැමිණෙන අයුර, බමර දකින විට ඇතිවෙන සතුට, ඉන් උද්දාමයට පත් වෙන හැටි, ඒසේ වී දෙවියන් වෙනුවෙන් ඒවා ගායන කරන හැටි යන අවස්ථා වර්ණවත් කලේ කවියෙන්, කිසිවකින් ඔවුහු අනුකරණ නොකරන ලද්දා හ. ගැයුවේ අවංක සිතිනි. අව්‍යාජ අදහසිනි. ජීවනයේ දුක්, කම් කටොලු ගන විස්තර එහි ඇතුලත් වී ඇත්තේ ය.


පදවැල් ඉතා සරළ ය. ඔවුන්ට ම අවේනික වූ බැද්ද, හුරා, රිස්ස වැනි පද යහමින් යෙදී ඇත. ස්වර පරාසය පටු ය. එහෙත් වෙන කිසිම ජන ගී රටාවක ට සමකල නොහැක.


ගල් ඇඳි වල බැඳ ඇති බමර කැපීමේදී, රසවත් කතා ඇසිය හැකිය. ගල නලලත පහලට බැසීමට, ශක්තිමත් වැලක් යොදාගනී, එහි මුල ඇල්ලීමට ඉඩදෙන්නේ තම මස්සිනාට පමණි. ඒ වෙනත් කෙනෙකු ගැන විශ්වාසය තැබිය නොහැකි නිසා ය. ලොකු ගස් වල ට නගින්නේ වෙනත් කුඩා ගසක ඇති වැලක ආධාරයෙනි. ඔන්චිල්ලාවක සේ පැද්දී පැද්දී යමින් දුම් අල්ලා මැස්සන් පලවා හරින්නේ සිය ජීවිතය ද පරදුවට තබා ය.


බමර කැපීමද ඉතා විචිත්‍ර ය. බමර ය කපන්නට යාමද අඟවන්නේ කවියකිනි.


මැණික් රජා හට ගොස් පවසන්නේ
බමර කපන්නට යමං කියන්නේ
දකුණට රං කඩුවක් අරගන්නේ
වමතට ගිනි පන්දමක් දරන්නේ


බමරය අසලට යන වැද්දා කැපීමට පෙර දෙවියන් යදී. ඒ සිය ජීවතය හා අතවැසියාගේ ජීවිතය වෙනුවෙනි.


සිද්ද පරකාස දෙවි හාමුදුරුවනේ
තිත්ත රන් දුන්න ගන තේව කරමිනේ
සිද්ද වෙවන් පිනිදිය උඹට කැප උනේ
වැන්ද මෙන්න බුදුවෙන හාමුදුරුවනේ


බමරුන ගසින් හෝ ගලෙන් ඉවත් ව ගිය පසු එහි මුදුනට වී සිටින වැද්දාට අවට සිරියාව යහමින් දකින්නට වරම් අවකාශ තිබේ. ඒ සතුර බමර කඩන්නා පෙන්වන්නේද කවියකිනි.


බැද්ද අවට සුදු මොර මල් පිපීලා
සද්ද කර බමරු ඒවග අඬාලා
ඉටිත් පැණිත් ලොව හමතැන බෙදාලා
යන්නම් බමරු දුක් මැසිවිලි කියාලා


වේලි හෙලට මේ මහ හෙල උස වැඩියා
ඒ දුනුවැල ඇදලා මගේ රිස්ස ගියා
ලොවේ සේනාව හෙලයට වැටී ගියා
ඉටි පැණි නැතිව උන් හෙලයට වැටී ගියා


බමරය කපන්නට ගසට නගින වැද්දා මෙසේ කියන විට පහල සිටින අතවැසියාද ඒ හඬ ගසා කියති.., එසේ ගෝෂා සහිතව ගයන්නේ වලසුන්ගේ උපද්‍රව ද මඟ හැරී යාමට ය. බමර පැණි ආපසු ගමට ගෙන යාමෙදී ද දෙවියන් ගෙන් අවසර ගැනීමට ද අමතක නොකරති.


වේලි හෙලේ හෙල වටකර මුලුල්ලා
ගල් නලලත බැන්දා වැනි තොටිල්ලා
පාදන් පොලට එන කොටකර කැවිල්ලා
හෙලේ බසින්නට අවසර අර ගල්ලා


මේ අති සරළ ජීවන කරමය අතීත ජනයා ගෙව්වේ කලාවත් එක්කොට ගෙනය. ඔවුන් ස්වභාව ධර්මයට සැලකුවේද ස්නේහයෙනි, ස්වභාව ධර්මයද ඔවුන් ව අමතක නොකලේ ද එනිසා විය හැකිය. අද අපට අහිමි වී ඇත්තේ ද එයම ය.



ලිව්වේ : LishWish.
අතහිත : ප්‍රේමරත්න සොයිසා ගුරුපියාණන්.

5 ක් ප්‍රතිචාර දක්වා ඇත.:

දුකා said...

නියමයි ලිෂ් . . .හරිම වැදගත් මේ ලිපිය.

මට එක පාරටම මතක් වුනේ සුදු ගෝනා පොතේ සුදු වැද්දා බඹර කඩන්න වැලේ එල්ලිලා පහලට බහින දර්ෂනේ. අපූරුයි ලිෂ් . .

ලියන්නකෝ අප්පා මෙ වගේ ලිපි සතියකට එකක් වත් . ..

දුකා said...
This comment has been removed by the author.
~බිன்ku~ said...

බොහෝම ස්තුතියි ලිෂානයියේ, මේ වගතුග මම දැන් හිටියේම නෑ නෙව.

සචී said...

හරිම අපූරුයි ලිෂ්! අගේ ඇති ලිපිය. දුකා කිව්වා වගේ මේ වගේ ඒවා නිතර ලියවෙනවා නම් තමා හොඳ..!
ලියමු ද සොකරි ගැනත්..?

(සොයිසා අන්කල් කියන්නේ මහා දැනුම් ආකරයක්.! එයාගෙන් තව මේ වගේ දේවල් ගන්න පුළුවනි...අනිත් දවසේ මුණ ගැහුනාම මම ආදරෙන් මතක් කළ බව කියන්න...)

LishWish said...

@ දුකා : ස්තූතියි අයියේ. ඒත් ඉතිං ස්තූතියි නම් ලැබෙන්න ඕනේ අපේ ආදරණීය සොයිසා සර්ටයි. අපි බලමු සතියකට එකක් වත් පලකරන්නට. කට්ටියම සතියක ට එක බැහින් පල කලොත් අපිට ලස්සන තොරතුරු ගබඩාවක් හදා නිම කරගන්න හැකි වේවි.

@ බිංකු : ඔව් මල්ලී අර මම ඉහත කියපු සොයිසා සර් මේ ගැන කියන කම් මමත් දැන හිට්යේ නැ.., බමර කැපීම පිටු පස මේ තරම් පුලුල් සමාජ විද්‍යාවක් තියෙනවා කියලා.

@ සචී : ස්තූතියි අක්ක කොමෙන්ටුවට. අනිවාර්යයෙන් ලියන්න තමා මම ඉන්නේ. මේ මතකය නම් මම මැරුණත් අමතක නොවේවි.

Post a Comment